හදවත නිසලයි...
සිතිවිලි නිහඬයි...
ප්‍රේමය මේ යැයි කියන්න
මටම නොතේරෙයි...
සිත පරිශුද්ධයි...
එනමුත්,
කිළිටි බව දැනෙයි...
'ඇය' මා පැතූ පාපය දෝ...?
විටෙක මට සිතෙයි...
නැගී බිඳෙන සිතිවිලි වල
ඇයටම හිමිවිය මුල් තැන
දුලබ ප්‍රේම චරිත රැසක්
අවට සැරිසරයි...
රැඟුම මනහරයි
ඈ කල රැඟුම හරි අගෙයි...
ඇගෙ අතීත රංගන දෙස
මමත් නුවන් යොමු'වා නොව
හරි අපූරු පෙම් කතාවෙ
රහස ප්‍රසිද්ධයි...
රැඟුම පැහැදිලියි
ඈ කල රැඟුම හරි අගෙයි...
(අජිත් මුතුකුමාරණ ගීතයක්)

