අඳුරෙහිම හිඳ
අඳුරටම ශාප කර..
පලක් නොවුනෙන්
අඳුරටම පෙම් බැඳි සඳ...
එයටවත් ඉඩ නොදී
සඳක් වුනි නුඹ...
ඉඩෝරයට වන්
මල් වැස්සක් මෙන්...
අඳුර හට සමු දෙමින්
නුඹට පෙම් බැඳි තුටින්
එහෙත් ඒ ටික කලයි
නුඹ නැවත සැඟවිලා...
මමත් මාගේ සිතත්
අඳුර ළඟ තනිවෙලා...
ආයෙමත්!
දකිනු රිසියෙන් යළිත්
සුමුදු මුදු සඳ එළිය
බලා හිඳිනෙමි මමත්
දුර නුබට නෙත් අයා
පෙර දිනෙක දුටු සිහින
යළි සැබෑ වන තුරා
නිමක් නැති සිහිනයෙක
සදහටම සිරවෙලා...!
