Wednesday, October 17, 2012

'ඇය' මා පැතූ පාපය දෝ...?





හදවත නිසලයි...
සිතිවිලි නිහඬයි...
ප්‍රේමය මේ යැයි කියන්න
මටම නොතේරෙයි...
සිත පරිශුද්ධයි...
එනමුත්,
කිළිටි බව දැනෙයි...
'ඇය' මා පැතූ පාපය දෝ...?
විටෙක මට සිතෙයි...

නැගී බිඳෙන සිතිවිලි වල
ඇයටම හිමිවිය මුල් තැන
දුලබ ප්‍රේම චරිත රැසක්
අවට සැරිසරයි...
රැඟුම මනහරයි
ඈ කල රැඟුම හරි අගෙයි...

ඇගෙ අතීත රංගන දෙස
මමත් නුවන් යොමු'වා නොව
හරි අපූරු පෙම් කතාවෙ
රහස ප්‍රසිද්ධයි...
රැඟුම පැහැදිලියි
ඈ කල රැඟුම හරි අගෙයි...

(අජිත් මුතුකුමාරණ ගීතයක්)

Sunday, September 30, 2012

(අ)හිමි වූ සඳ එළිය





අඳුරෙහිම හිඳ
අඳුරටම ශාප කර..
පලක් නොවුනෙන්
අඳුරටම පෙම් බැඳි සඳ...
එයටවත් ඉඩ නොදී
සඳක් වුනි නුඹ...
ඉඩෝරයට වන්
මල් වැස්සක් මෙන්...

අඳුර හට සමු දෙමින්
නුඹට පෙම් බැඳි තුටින්
එහෙත් ඒ ටික කලයි
නුඹ නැවත සැඟවිලා...
මමත් මාගේ සිතත්
අඳුර ළඟ තනිවෙලා...
ආයෙමත්!

දකිනු රිසියෙන් යළිත්
සුමුදු මුදු සඳ එළිය
බලා හිඳිනෙමි මමත්
දුර නුබට නෙත් අයා
පෙර දිනෙක දුටු සිහින
යළි සැබෑ වන තුරා
නිමක් නැති සිහිනයෙක
සදහටම සිරවෙලා...!